top of page
mmm.JPG

සංවර්ධන කලාප සඳහා පොදු රෙගුලාසි 

යෝජිත කලාපීකරණ සැලැස්මේ එක් එක් කලාප සඳහා හඳුන්වාදී ඇති භාවිත සහ රෙගුලාසිවලට අමතරව සියළු කලාප සඳහා අදාළ වන පොදු රෙගුලාසි මෙම පරිච්ඡේදයෙන් විස්තර වේ.

  • සංවර්ධන කටයුතුවලදී ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීමේදී එක් එක් භූමි ප්‍රමාණය තුල අවසර දෙනු ලබන උපරිම ගෙබිම් ප්‍රමාණය පරිච්ඡේද - 2 හි සැලසුම් හා ගොඩනැගිලි රෙගුලාසි තුල දක්වා ඇත.

  • සංවර්ධන කටයුතු සඳහා අනුමැතිය ලබාදෙන මුළු ගෙබිම් ප්‍රමාණය තීරණය කිරීමේදී ගැටළු පැන නැගෙන අවස්ථාවල ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ලබාදීම නාගරික සංවර්ධන අධිකාරිය සතුවේ. 

  • කිසියම් සංවර්ධන කටයුත්තකට බිම් කොටසක් සඳහා අනුමැතිය ලබාදීමේදී කලාපීකරණ රෙගුලාසි තුළ  විශේෂයෙන් අවම බිම් ප්‍රමාණය සඳහන් කර නොමැති අවස්ථාවල බිම් කොටසක අවම බිම් ප්‍රමාණය පර්චස් 6 ක් විය යුතුය.  එසේ වුවද, එම ප්‍රදේශය තුල නල ජල පහසුකම්  නොමැති නම්, අනුමැතිය සලකා බැලීම සඳහා අවම වශයෙන් පර්චස් 10 ක් තිබිය යුතුය.

  • පාසැල් හා රෝහල් සඳහා බිම් කට්ටි ආවරණය උපරිම 50% ක් විය යුතුය.

  • යම්කිසි විශේෂිත භාවිතයක් සඳහා අගනගර සංවර්ධන සැලැස්මෙහි ඇති බිම් කොටසක් සහ සෑම දේපළක්ම නිශ්චිත භාවිතයක් සඳහා වෙන්කර ඇති තැන්හි, එසේ වෙන්කර ඇති කටයුත්ත සඳහා පමණක් එය භාවිතා කළ යුතු වේ.

  • කිසිදු තැනැත්තෙකු විසින් කිනම් හෝ බිම් කොටසක් හෝ ගොඩනැගිල්ලක් සංවර්ධන බලපත්‍රයෙහි සඳහන් කාර්යයක් හැර වෙනත් කාර්යයක් සඳහා භාවිතා නොකළ යුතුය.

  • නව ආගමික ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී  අදාළ ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ අනුමැතිය  සහ  අදාළ ප්‍රාදේශීය ලේකම්තුමාගේ අනුමැතිය ලබාගත යුතුය. තවද, ආගමික ප්‍රදර්ශන පැවැත්වීම හෝ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මංසන්ධිය හා මාර්ග දෙපස ඉදිකෙරෙන විවිධ ආගමික ප්‍රතිමා, කුරුස හා වෙනත් සලකුණු සඳහාද මෙම නියමතාව අදාළ වන්නේය.

අගනගර සංවර්ධන සැලසුමේ දක්වා ඇති ප්‍රධාන කලාප වර්ගීකරණය

Capture.JPG

අගනගර සැලසුමේ ප්‍රධාන අරමුණු සාක්ෂාත් කරගැනීම සදහා කලාපීයකරණය නමැති සිද්ධාන්තය භාවිතා කර ඇත.එම නිසා තව දුරටත් පහත දක්වා ඇති අභිමතාර්ථයන්ද මුදුන්පමුණුවා ගැනීමට අපේක්ෂා කෙරේ .

  • ඉඩම් පරිහරණ රෙගුලාසි මගින් අගනගර සැලසුමේ දක්වා ඇති සංකල්පිත සැලසුම යතාර්ථයක් බවට පත් කිරීම .

  • නගරය ස්වභාවික සම්පත් හා ආකර්ෂණීය ස්ථාන සංරක්ෂණය කිරීම.

  • සංවර්ධනයට සමගාමීව ප්‍රමාණවත්  පොදු පහසුකම් සහ සේවා සැපයීම

  • නගර වර්ධන උපාය මාර්ගයන්ට සහය වීම සඳහා වැඩි විකල්පයන් රාශියක් ඇතුලත් ප්‍රවාහන පද්ධතියක් නිර්මාණය කිරීම.

ප්‍රධාන කලාප වර්ගීකරණය

zoning map.jpg
16717380904_18a77e7e7a_h.jpg

Urban Development Authority 

PROF PIC.jpg

Commercial City Development plan / Capital City Development Plan

bottom of page